විදුලි සැර වැදී සිසුවෙකු ජීවිතක්ෂයට

ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසැල් සිසුවකුට විදුලි සැර වැදීමකින් අද (25) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම සිසුවා ඉකුත් දා පැවැති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි අයෙකු බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ සිය නිවස පිහිටි ගෙවත්තට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා ගෙවත්තේ සවිකර තිබූ ගුවන්විදුලි යන්ත්‍රයකට සපයා තිබූ විදුලි වරයක ඇති වූ දෝශයක් සැකසීම සදහා කටයුතු කරමින් සිටි අවස්ථාවේ එම සිසුවා මෙලෙස විදුලි සැර වැදීමට ලක්ව ඇති බවයි.

විදුලි සැර වැදීමෙන් අනතුරටපත් සිසුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් ආඬියාගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට එම දෙමව්පියන් හා අසල්වැසියන් එක්ව කඩිනමින් කටුයුතු කර තිබෙනවා.

එහිදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම සිසුවා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට එම වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණ ද එම අවස්ථාවේ ගිලන්රථය නොතිබීම හේතුවෙන් හා වෙනත් ගිලන් රථයක් සොයා ගැනීම සඳහා පැවැති අපහසුතාවයක් හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් එම රෝහලේදීම ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු පියවර ගෙන තිබිණා.

එම සිසුවාට විදුලි සැර වැදීමෙන් පසු වූ එම සිසුවා දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *