විදෙස්ගත වූ පාතාල කල්ලි සාමාජිකයන් 26ක් කොටු කරගැනීමට මහේස්ත්‍රාත් නියෝග

ව්‍යාජ නම් සහ ඡායාරූප භාවිත කරමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර මෙරටින් පලාගොස් සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් 26 දෙනෙකු සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ඊයේ (පෙබරවාරි 26) නියෝග කළේය. සංවිධානාත්මක අපරාධ සහ නාවික අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.​මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ සැකකරුවන් 26 දෙනෙකු පිළිබඳව විමර්ශනය කරන ලෙස අධිකරණය දැනුම් දී තිබියදීත්, පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් අදාළ ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට හේතුව කුමක්ද යන්නයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ඇඟිලි සලකුණු වාර්තා ඇඟිලි සලකුණු කාර්යාංශය වෙත යොමු කර ඇති බවත්, මේ දක්වා ලැබී ඇත්තේ වාර්තා දෙකක් පමණක් බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.​අදාළ සියලුම ඇඟිලි සලකුණු වාර්තා යොමු කර ඇති බවත් එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය මෙහිදී සහතික විය. වෙනත් පුද්ගලයන්ගේ අනන්‍යතාවන් සොරකම් කරමින් විදෙස්ගත වූ මෙම සැකකරුවන් පිළිබඳ විමර්ශන පමා නොකර අවසන් කර, එහි ප්‍රගතිය ලබන මැයි 04 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,029

Leave A Reply

Your email address will not be published. Required fields are marked *