විදේශිකයන්ට, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට මෙරට රිය පැදවීම සඳහා ලබාදෙන තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව දිවයිනේ ප්‍රාදේශීය කාර්යාල පහක් දක්වා ව්‍යාප්ත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) පියවර ගෙන ඇත. ඒ අනුව කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුර සහ යාපනය යන ප්‍රාදේශීය කාර්යාල මගින් ඊයේ (02) සිට මෙම පහසුකම ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරවංශ මහතා සඳහන් කළේ, වලංගු විදේශ රියදුරු බලපත්‍රයක් පදනම් කරගනිමින් මෙරට තුළ රිය පැදවීමට අවසර දෙන මෙම සේවාව මීට පෙර ලබාගත හැකි වූයේ වේරහැර කාර්යාලයෙන් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කාර්යාලයෙන් පමණක් බවයි. මහජනතාවට සහ විදේශිකයන්ට වඩාත් පහසුවෙන් සහ කඩිනමින් මෙම සේවාව ලබාගැනීමට අවස්ථාව සැලසීම මෙම ව්‍යාප්තියේ ප්‍රධාන අරමුණ වේ.කෙසේ වෙතත්, විදේශීය රියදුරු බලපත්‍රයක් උපයෝගී කරගනිමින් මෙරට ස්ථිර රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් තවදුරටත් වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය වෙතම පැමිණිය යුතු බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


























