විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට: ඔක්තෝබර් මාසයේදී 21.2%ක වර්ධනයක්!

​ශ්‍රී ලංකාවට විදේශීය ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 2025 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 712 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පවසයි. මෙය 2024 ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 587.7 හා සසඳන විට සියයට 21.2 ක වර්ධනයකි. තවද, 2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සමුච්චිත ප්‍රේෂණ ප්‍රවාහය සියයට 20.1 කින් වර්ධනය වී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.52 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2024 වසරේ එම කාලය තුළ වාර්තා වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 කි.

What's your reaction?

Related Posts

1 of 831

Leave A Reply

Your email address will not be published. Required fields are marked *