විදෙස් සංචාරකයින්ට කොළඹදී නොමිලේ ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹේ

කලාපය තුළ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ අතරමංව සිටින විදේශීය සංචාරකයින් සඳහා නොමිලේ ආහාර පාන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ඊයේ (06) කොළඹ, කොල්ලුපිටිය පිහිටි ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේදී ආරම්භ විය. පවතින තත්ත්වය සමනය වී සංචාරක කටයුතු යථා තත්ත්වයට පත්වන තෙක් දිනපතා පෙරවරු 11:00 සිට පස්වරු 3:00 දක්වා මෙම මධ්‍යස්ථානය මගින් ආහාර පාන සැපයීමට කටයුතු කරන බව බලධාරීහු ප්‍රකාශ කරති.​ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ඒකාබද්ධව මෙම මානුෂීය මෙහෙයුම සංවිධානය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,038

Leave A Reply

Your email address will not be published. Required fields are marked *