විදේශගත පාතාල කල්ලි මෙහෙයවූ මහා පරිමාණ වෙඩි තැබීමේ කුමන්ත්‍රණයක් කොටු වෙයි!

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ උපදෙස් මත ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කළ සැකකරුවන් සිව්දෙනෙකු විදේශීය නිෂ්පාදිත ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ජනවාරි 9 වැනිදා රාත්‍රියේ මට්ටක්කුලිය සහ කොටුව ප්‍රදේශවල සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් කොටු කරගත් අතර, එහිදී රිවෝල්වරයක්, පතරොම් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.​අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 ත් 35 ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය, හොරණ, වනවාසල සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අපරාධය සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. ජනවාරි 10 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *