විදේශ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට සහනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල පිහිටි තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි ඩිජිටල් පහසුකම ආරම්භ කිරීම 2025.01.06 අද දින සිදු විය.

විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මෙම ‍වෙබ් අඩවිය ගරු අමාත්‍ය විජිත හේරත් මැතිතුමා විවෘත කළේ ය. තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ අනුව ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික සහතික ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇත.

නියමු ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජ මහත්මිය, රෙජිට්‍රාර් ජනරාල් ඩබ්.ආර්.එන්.එස් විජයසිංහ මහතා, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් (පරිපාලන හා රාජ්‍යතාන්ත්‍රික කටයුතු) ජී.ජී.එස්.සී.රෝෂන සහ විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශය ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

What's your reaction?

Related Posts

1 of 466

Leave A Reply

Your email address will not be published. Required fields are marked *