විදේශ රැකියා ජාවාරමේ නිරත වූ පුද්ගලයෙක් කොටු වෙයි!

රජයේ ලිපිලේඛන ව්‍යාජ ලෙස සකස් කර විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ 38 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය ජනවාරි 26 වන දින රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ ලැගුම්හලකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිල ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබා ගන්නා බවට ලද පැමිණිලි මත මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි.​අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලිපි ශීර්ෂ, ජීව දත්ත පත්‍රිකා, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් සහ විදේශ රැකියා අයදුම්පත් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ජනවාරි 27 වන දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර, ඔහුට විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *