විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් මෙරටට ඩොලර් බිලියන 11ක දැවැන්ත ආදායමක්!

2025 වසරේදී විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍ර මගින් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 11කට ආසන්න ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (05) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් ඩොලර් බිලියන 7කට අධික ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ මගින් ලැබී ඇති අතර, සංචාරක ක්ෂේත්‍රය මගින් ඩොලර් බිලියන 3.2ක ආදායමක් ජනනය වී ඇති බවයි. සුළි කුණාටුවේ බලපෑම් මධ්‍යයේ වුවද, විදේශයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ගලා ඒම ශක්තිමත් මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *