විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත උල්ලංඝනය කරමින් නිකුත් කළ සභාපති චක්‍රලේඛ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සඳහා නියෝග

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා විසින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් (SLBFE) පසුගිය වසර කීපය තුල නිකුත් කරන ලද සභාපති චක්‍රලේඛ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇත.

පසුගිය පාලනය සමයේදී නිකුත් කරන ලද සභාපති චක්‍රලේඛ මගින් විශාල මූල්‍ය වංචා සදහා ඉඩ විවර වී තිබූ අතර, අදාල චක්‍රලේඛයන් මේ වන විට අහෝසි කිරීමට කාර්යංශය කටයුතු කර ඇත. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ මග පෙන්වීම යටතේ එසේ පනතට එරෙහිව නිකුත් කරන ලද සභාපති චක්‍රලේඛ වලට අදාළ ව විශේෂ විමර්ශනයක් පැවැත්වීමට නියෝග ලබා දී ඇත.

එකී විමර්ශනය සම්බන්ධයෙන් සලකා බලනු ලබන කරුණු වන්නේ,
අවලංගු කළ චක්‍රලේඛ නිරීක්ෂණය සහ නීතිගතභාවය තක්සේරු කිරීමත්, නිකුත් කිරීමට පෙර අවශ්‍ය අනුමැතියන් තිබූ දැයි සෙවීම හා වගකිව යුතු නිලධාරීන් හඳුනා ගැනීමත්, මෙම චක්‍රලේඛවල බලපෑම් විශ්ලේෂණය හා පරීක්ෂණයෙහි නිගමන අනුව සුදුසු නෛතික, පරිපාලන හෝ විනය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම යනාදියයි.

මෙම පරීක්ෂණයේ නිගමන සහ නිර්දේශ සහිත වාර්තාව දින 14ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ පාර්ශවයන්ට උපදෙස් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *