මෙරට මාර්ග පද්ධතිය ඉදි කිරීමේදී පස් සංරක්ෂණය පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොමැති බව පවසන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, ඉදිරියේදී පස් සංරක්ෂණ ක්‍රමවේදයන් ද ඇතුළත්ව හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට රජය සැලසුම් කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ වන විට දිවයිනේ A සහ B ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 1,450ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 75ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත. මීට අමතරව, මාර්ගවල ආරක්ෂිත ව්‍යුහයන් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 115ක් වැය වන අතර, ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 190ක මුදලක් වෙන් කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


























