විපක්ෂයෙන් රජයට දැඩි විරෝධය: මාධ්‍ය මර්දනයට එරෙහිව පක්ෂ රැසක් පෙරමුණට

රජය විසින් මෑතකාලීන ආපදා තත්ත්වය වාර්තා කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගැනීමට සැරසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) යන ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් සිය දැඩි විරෝධය පළ කර ඇත. ආපදා තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා කළ මාධ්‍ය සහ අනෙකුත් ආයතන මර්දනය කිරීම රජය විසින් සිදු කරන අසාධාරණ ක්‍රියාවක් බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, පොලිස්පතිවරයා රජයේ නිල ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කරන බවට ද චෝදනා කළේය. එමෙන්ම සූරියකන්ද පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට පහර දුන් බව කියන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ද ඔහු ප්‍රශ්න කර සිටියේය.​මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ රජය මෙරට පොලිස් රාජ්‍යයක් බවට පත් කරමින් ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් සිටින බවත්, එවැනි මාධ්‍ය මර්දනයන් වැළැක්වීමට තම පක්ෂය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්ය. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ද මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මාධ්‍ය මර්දනය කිරීම ඉතා භයානක ප්‍රවණතාවක් බවත්, ඉතිහාසයේ කිසිදු රජයක් මෙලෙස මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු කර නොමැති බවත්ය.

What's your reaction?

Related Posts

1 of 917

Leave A Reply

Your email address will not be published. Required fields are marked *