විපක්ෂ නායකගෙන් මාධ්‍ය නිදහසට තර්ජන එල්ල කිරීම පිළිබඳ චෝදනා

රජය විසින් මාධ්‍ය නිදහස යටපත් කිරීමට උත්සාහ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්, පොලිස් නිෂ්කාශන ක්‍රියාපටිපාටි පිළිබඳ වාර්තාවක් සම්බන්ධයෙන් ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවීමට එරෙහිව හෙතෙම රජය දැඩි ලෙස හෙළා දැක තිබේ. විපක්ෂ නායක ප්‍රේමදාස මහතා සඳහන් කළේ, විපක්ෂයේ සිටියදී අසීමිත මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි අනුර කුමාර දිසානායක පරිපාලනය, පුවත්පත් කතුවරුන් CID වෙත යොමු කිරීමේ පියවර ගෙන ඇති බවයි. “මා පාර්ලිමේන්තුවේදී පැවසූ දෙය නැවත අවධාරණය කරමි. පොලිස් ආරක්‍ෂක නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවට වන නිශ්චිත උදාහරණ 2ක් සත්‍ය කරුණු වේ. එසේ තිබියදීත්, විපක්ෂයේ සිටියදී අසීමිත මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි AKD පරිපාලනය පුවත්පත් කතුවරුන් CID වෙත යොමු කිරීමේ පියවර ගෙන තිබේ. මෙය මාධ්‍ය නිදහස යටපත් කිරීමට දරන පැහැදිලි උත්සාහයකි. මම මෙම පිළිකුල් සහගත ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිමි,” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 856

Leave A Reply

Your email address will not be published. Required fields are marked *