විපතට පත් මීගහකිවුල ජාතික පාසල නිරීක්ෂණයට අගමැතිනියගෙන් විශේෂ සංචාරයක්

සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ජාතික පාසලේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (දෙසැම්බර් 24) එම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. මෙම සංචාරය අතරතුර, සුළි කුණාටුවෙන් පාසල් පද්ධතියට සිදුවූ හානිය පිළිබඳවත්, අඩාල වී ඇති අධ්‍යාපන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.​මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර, නීතිඥ කපිල ජයසේකර, යොවුන් කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හේනායක, ඌව පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු පළාත් සභා නිලධාරීන්, ගුරුවරුන්, සිසුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 909

Leave A Reply

Your email address will not be published. Required fields are marked *