විභාගය ඉලක්ක කළ උපකාරක පන්ති තහනම්

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගය ඉලක්ක කර ගනිමින් උපකාරක පන්ති පැවැත්වීම නොවැම්බර් 4 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බවයි.​ඒ අනුව, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හෝ පන්ති සංවිධානය කිරීම හා පැවැත්වීම, විභාග ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, පෝස්ටර් හා බැනර් මගින් ප්‍රචාරය කිරීම, සමාන ප්‍රශ්න ලබාදීම වැනි දේ සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.​යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම නියෝගය කඩ කරන්නේ නම්, ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවද එහි වැඩිදුරටත් දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 821

Leave A Reply

Your email address will not be published. Required fields are marked *