විමල් ඇතුළු පිරිසකගෙන් ඉසුරුපාය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව අද (12) දින සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. රජය විසින් හඳුන්වා දීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ඉවත් කරගන්නා ලෙස බලකරමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක වේ. බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන මෙම සත්‍යග්‍රහයේදී විරෝධතාකරුවන් අවධාරණය කර සිටින්නේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

What's your reaction?

Related Posts

1 of 998

Leave A Reply

Your email address will not be published. Required fields are marked *