ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ. වාර්තා වන අන්දමට, තමන්ට එල්ල වූ අසත්‍ය චෝදනා පදනම් කර ගනිමින් අමාත්‍යවරයා මාර්තු 3 වන දින මෙම නඩුව පවරා ඇත. මෑතකදී පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුණේ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ලියාපදිංචි නොකළ ඖෂධ සමාගමකට අයත් ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගෙන ඇති බවයි.මෙම ප්‍රකාශය පසුව විමල් වීරවංශ මහතාගේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබූ අතර, 2026 පෙබරවාරි 7 වන දින අදාළ පෞද්ගලික රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන පුවත් විකාශය ඔස්සේ ද ඊට දැඩි ප්‍රචාරණයක් ලබා දී තිබුණි. මෙම ප්‍රකාශයන් සෘජුව හා වක්‍රව තමන්ට අපහාසයක් වන බවත්, එමඟින් සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව, අදාළ අපහාසාත්මක ප්‍රකාශ වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් සමූහ වශයෙන් හෝ වෙන් වෙන් වශයෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියි.
























