විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු: අධිකරණයෙන් නියෝගයක්

රුපියල් මිලියන 75කට අධික අනීතික වත්කම් උපයා ගැනීමේ චෝදනා මත පවරා ඇති නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින්නේ විමල් වීරවංශ මහතායි.​මෙම වරෙන්තුව නිකුත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා, විත්තිකරුගේ ඇපකරුවන්ටද ලබන නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 941

Leave A Reply

Your email address will not be published. Required fields are marked *