විවිධ විමර්ශනයන්ට අදාළව සැකකරුවන් 7ක් අත්අඩංගුවට

පසුගිය 27 වැනිදා මධ්‍යම රාත්‍රි සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ විවිධ විමර්ශනයන්ට අදාළව සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ කාලය තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 04ක් බවයි.

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 02කු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව තවත් සැකකරුවන් 13ක් මේ වනවිට රැඳවුම් නියෝග මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *