විශ්වවිද්‍යාල සිසුන්ගේ සහනය පිණිස අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් තීරණය කර තිබේ. දිවයින පුරා බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විවිධ දුෂ්කරතා වලට මුහුණ දුන් විශ්වවිද්‍යාල සිසුන්ට සහය වීම මෙන්ම, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අපහසුවකින් තොරව නැවත ආරම්භ කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වී ඇත.අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, මීට පෙරද පසුගිය නොවැම්බර් 28 වැනිදා දින සිසුන්ට මහපොළ වාරිකයක් ගෙවීමට කටයුතු කළ බවයි. එයට අමතරව ගෙවීමට තීරණය කළ මෙම දෙවන අමතර මහපොළ වාරිකයයි.ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙම අමතර මහපොළ වාරිකය එළඹෙන දෙසැම්බර් 05 වැනිදා දින සිසුන්ට ගෙවීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.


























