අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්ඨ බල මණ්ඩලය අද පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා
අධ්‍යාපනයට සීයට හයක් වෙන් කරනු…..2025 අයවැයෙන් සියයට තුනක් කරනු……. 2025 අයවැයෙන් මහාපොළ ශිෂ්‍යාධාර වාරිකය 10000 කරනු……2025 අයවැයෙන් පේරාදෙණිය කළමනාකරණ හා සබරගමුව පරිගණක පීඨ සංකීර්ණ ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් කරනු…..සබරගමුව වයඹ මොරටුව ඌව වෛද්‍ය පීඨයන්හි මහාචාර්ය ඒකක සඳහා ප්‍රතිපාදන වෙන් කරනු….පන්ති කාමර වැසිකිලි විදුලිය ජලය නොමැති පාසල්වලට ඒවා ලබා දෙනවා…..
ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම විරෝධතාවය පැවැත්වුණේ
පොලිසිය විසින් අද කොළඹ අධිකරණයෙන් ස්ථාන කීපයකට ඇතුල්වීම වළක්වමින් තහනම් නියෝගයක්ද ගෙන තිබුණා
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටම සිට මෙම විරෝධතාවය පැවැත්තුවා.