විශේෂ කාර්‍ය බලකා ප්‍රයත්නය නිසා වැලකුනු මිනි මැරුම

මහරගම මහජන පොල ඉදිරිපිට තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ගාතනයක් සිදුකිරීමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දැඩි පරිශ්‍රමයක් දරාමෙල්ල කර ඔහු සතුව තිබු මත්කරල් සහ තියුණු ආයුධය සමග අත්අඩංගුවට ගනියි.

heවිශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය මුලස්ථන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පො.ප. බි.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.06.29 වන දින මහරගම පොලිස් වසමේ මහරගම මහජන පොල ඉදිරිපිට ක් වැටලීමක් සිදුකර ඇත.

එහි දී මහරගම මහජන පොල ඉදිරිපිට පදික වේදිකාවේ ප්‍ර‍ධාන පිවිසුම ආසන්නයේ පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකු හට පිහි ඇනුමක් සිදු කරනු බවට නිරීක්ෂණය වීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බලකායෙ බුද්ධි අංශය විසින් එම පිහි ඇනුම සිදු කරනු ලැබු පුද්ගලයා සමග පොර බදා දැඩි පරිශ්‍රමයක් දරා ඔහු ව ග්‍ර‍හණයට ගත් අතර දැඩි ලෙස තුවාල ලැබු පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයකට දමා ප්‍ර‍ථිකාර සදහා කළුබෝවිල රජයේ රෝහලට පිටත් කරන ලදී.

අනතුරුව සැකකරු පරීක්‍ෂා කිරිමේ දි සැකකරු සන්තකයේ තිබි මත්කරල් ,ජංගම දුරකථනයක්, මුදල් පසුම්බියක් හා පිහි ඇනුම සදහා යොදා පිහියද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු මහරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මොහු මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු වේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *