විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්!

අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව සභානායක ඇමති බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ආපදාවලට ලක් වූ දිස්ත්‍රික්ක නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා කැඳවා ඇත. මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් මහනුවර ඇතුළු බලපෑමට ලක් වූ අනෙකුත් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 864

Leave A Reply

Your email address will not be published. Required fields are marked *