විසදුම් දිය නොහැකිනම් ජනවරමකට ඉඩ

වර්තමාන ආණ්ඩුවට මෙරට ජනතාවගේ ගැටලූවලට විසඳුම් ලබාදීමට නොහැකි නම් ජනවරමක් තුලින් ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරාගැනීමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනේ 186 වැනි අදියර යටතේ අනුරාධපුරය හොරොව්පතාන කහටගස්දිගිලිය මූකිරියාව මුස්ලිම් මහා විදුහලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

ඊට සමගාමීව විදුහලේ නර්තන කණ්ඩායමට ඇඳුම් පැලදුම් ලබාගැනීම වෙනුවෙන් පාසැල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු වුණා.

What's your reaction?

Related Posts

1 of 743

Leave A Reply

Your email address will not be published. Required fields are marked *