වෘත්තීය අධ්‍යාපන තොරතුරු සිසුන්ට වඩාත් පහසුවෙන් ලබාගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන චැට්බෝට් (chatbot) සේවාවක් හඳුන්වා දී ඇත. නවතම ඩිජිටල් සේවාව ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් සේවාවට අනුබද්ධිතව ක්‍රියාත්මක වේ. මෙම සේවාව ඊයේ (06) දින නාරාහේන්පිට නිපුණතා පියස පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. අමාත්‍යාංශයේ තාක්ෂණික නිලධාරීන් විසින් සංවර්ධනය කරන ලද මෙම AI චැට්බෝට් සේවාව මගින්, වෘත්තීය පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධ ප්‍රශ්නවලට සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පිළිතුරු ලබා ගැනීමේ හැකියාව පවතී. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය අවධාරණය කළේ, වර්ධනය වන රැකියා වෙළෙඳපොළට සරිලන පරිදි තරුණ තරුණියන් සූදානම් කිරීමට, වෘත්තීය අධ්‍යාපනයට නවීන තාක්ෂණය ඒකාබද්ධ කිරීම ඉතා වැදගත් බවයි. දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අනාගත කර්මාන්ත ඉල්ලුම සපුරාලීම සඳහා මානව හා භෞතික සම්පත් යන දෙකම වැඩිදියුණු කිරීමට අවධානය යොමු කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
























