වෙඩික්කරුවෙක් මාට්ටු

වෙඩිතබා මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) දහවල් කාලයේ මට්ටක්කුලිය, කඳිරානවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු 2022.11.19 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම, 2023.01.18 වන දින කොටහේන පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම යන අපරාධවල වෙඩික්කරු වශයෙන් ක්‍රියා කළ සැකකරු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *