දේශපාලන ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු කළ වෙඩි තැබිමකින් ඩෑන් ප්‍රියාසද් මහතා බරපතල තුවාල ලබා ඊයේ(22) රාත්‍රීයේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.
පොලිසිය පැවසුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගිය බවයි.
39 හැවිරිදි ඩෑන් ප්‍රියසාද් මහතා වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබිම කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
ඩෑන් ප්‍රියසාද් මහතාගේ දේහය මේ වනවිට ජාතික රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.