ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(30) දෙවැනි දිනටත් පැවැත්වේ.
ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියාව ඊයේ(29) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිමට කඩුලු 02ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 330කි.
උස්මන් කවාජා නොදැවී ලකුණු 147යි.
ස්ටීවන් ස්මිත් 35 වැනි ටෙස්ට් ශතකය ද සමගින් නොදැවී ලකුණු 104ක් රැස් කරගෙන සිටී.
