ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ඉන්දුනීසියාවට ගොඩබස්වයි…

කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ(05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වා තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, එහිදී තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවන බව ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව දෝෂය නිවැරදි කරන තෙක් ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කර තිබේ.

කෙසේවෙතත් ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු ආගමන විගමන නිලධාරීන් අවස්ථාව ලබා නොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවූ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.

පසුව එරට රැඳී සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කර තිබේ.

මේ අතර කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන් යානය අලුත්වැඩියා කිරිම සදහා ඉංජිනේරු කණ්ඩායමක් අද(06) ඉන්දුනිසියාව බලා පිටත්ව ගිය බව ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ය.

දීපාල් පෙරේරා මහතා සදහන් කළේ, දෝෂයට ලක්වූ ගුවන්යානයේ මගීන් යළි ගෙන්වා ගැනීමට හෝ පිටත් කිරිම සඳහා අද පස්වරු 1:45ට තවත් විශේෂ ගුවන් යානයක් ඉන්දුනීසියාව බලා පිටත් කර යවන බවයි.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *