ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ලන්ඩන් වෙත අතිරේක ගුවන් වාරයක්

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා අපහසුතාවට පත් මගීන් වෙනුවෙන් කොළඹ සහ ලන්ඩන් අතර විශේෂ අතිරේක ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත. ඒ අනුව, එළඹෙන 2026 මාර්තු 8 වන ඉරිදා දින මෙම විශේෂ මෙහෙයුම සිදු කිරීමට නියමිතය. එදින පෙරවරු 06:50ට කොළඹින් පිටත්වන UL1205 ගුවන් යානය එංගලන්ත වේලාවෙන් පස්වරු 13:10ට ලන්ඩන් නුවර වෙත ළඟා වීමට නියමිත අතර, නැවත ලන්ඩන් නුවරින් පස්වරු 15:05ට පිටත්වන UL1206 යානය පසුදා (09) අලුයම 06:55ට කොළඹට පැමිණීමට නියමිතව ඇත.​පවතින ගෝලීය තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත්, ගමන් බාධාවන්ට ලක්වූ මගීන්ගේ පහසුව උදෙසා තෝරාගත් ගුවන් මාර්ග කිහිපයක තවත් අතිරේක ගුවන් වාර සැලසුම් කිරීමට බලාපොරොත්තු වන බවත් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා ශ්‍රී ලංකාව තුළින් 1979 අංකය ද, විදේශයන්හි සිට +94 11 777 1979 අංකය ද සම්බන්ධ කරගත හැකිය. මීට අමතරව +94 74 444 1979 අංකයට වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක් යොමු කිරීමෙන්, www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ අදාළ ගුවන් ගමන් නියෝජිතයන් සම්බන්ධ කරගැනීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,035

Leave A Reply

Your email address will not be published. Required fields are marked *