ශ්‍රීලන්කන් ගුවන් සේවය, මාලේ නුවර වේලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (VIA) සිය මෙහෙයුම් කටයුතු 2025 දෙසැම්බර් 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් පළමු වැනි පර්යන්තය (Terminal 1) වෙත ගෙන යන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින්, මාලදිවයින ගුවන් තොටුපළ සමාගම (MACL) විසින් UL101 ගුවන් යානයෙන් පැමිණි සහ UL102 ගුවන් යානයෙන් පිටත්ව ගිය මගීන් වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් මහතා එක්වූ අතර, මාලදිවයින ගුවන් තොටුපළ සමාගමේ සහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඊට සහභාගී වූහ.කොළඹ මධ්‍යස්ථානය හරහා මාලේ නුවර වෙත දිනකට ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක කරන ශ්‍රීලන්කන් ගුවන් සේවය, රටවල් 59ක ගමනාන්ත 117ක් දක්වා මගීන් සම්බන්ධ කරයි. පළමු වැනි පර්යන්තයේ ඇති අතිනවීන පහසුකම් මගීන්ගේ සුවපහසුව ඉහළ නැංවීමටත්, බාධාවකින් තොර ගමන් අත්දැකීමක් ලබා දීමටත් හේතු වනු ඇත. මෙම පියවර දෙරට අතර සංචාරක සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙන්ම ගුවන් සේවා සන්නිවේදනය ශක්තිමත් කිරීමට ද මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


























