ශ්‍රී පාදය වන්දනාවට අති විශාල ජනකායක්

ශ්‍රිපාදය වන්දනා කිරිමට අති විශාල පිරිසක් පැමිණීමත් සමඟ නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දැඩි තදබදයක් හට ගෙන ඇති බව නල්ලතන්නිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

පාසල් නිවාඩුව හා දිර්ඝ සති අන්තය ‍හේතුවෙන් 28 වන දින උදැසන සිටම අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණීමත් සමඟ නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දැඩි තදබදයක් පවතින බවත්ය.

මේ වන විට ලක්ෂ සන්ඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙමින් සිටින බවත් එම තත්වයන් මත නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ පවතින දැඩි තදබදය හේතුවෙන් වන්දනාකරුවන්ට එක තැන විනාඩි තිහකට ආසන්න කාලයක් රැදි සිටිමට සිදු වන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මෙම වන්දනාකරුවන් රැගෙන අති විශාල බස් රථ ඇතුළු රථ වාහන පැමිණීමත් සමඟ නල්ලතන්නිය රථ ගාල් හතරම පිරි පවතින බැවින් තවත් රථ වාහන විශාල ප්‍රමාණයක් නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ මාඋස්සාකැලේ දක්වා මාර්ගය දෙපස නවතා තැබිමට සිදුව ඇති බවද වාර්තා වේ. 

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *