ලබන දෙසැම්බර් 04 වන දිනට යෙදෙන ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන්, ශ්‍රී පාද පූජනීය භූමිය පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ‘පිරිසිදු ශ්‍රී ලංකාව’ වැඩසටහන යටතේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර, එහි සමාරම්භක වැඩසටහන අද (25) දින ශ්‍රී පාද උඩ මළුව අවට ප්‍රදේශයේදී යුද හමුදා සාමාජිකයින් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ විය. ඉදිරි ශ්‍රී පාද වන්දනා සමය තුළ වන්දනාකරුවන් සඳහා ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් සහතික කිරීම සහ වන්දනා සමය ආරම්භ වීමට පෙර පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සිවිල් ප්‍රජාවේ සහාය ලබා ගැනීමට මෙම වැඩසටහන යටතේ කටයුතු සූදානම් කර ඇත. වැඩසටහනේ දෙවන අදියර නොවැම්බර් 29 වන දින ශ්‍රී පාද පූජනීය භූමියට පිවිසෙන මාර්ග ඔස්සේ ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය.























