ශ්‍රී පාදස්ථානය වන්දනාවට විශාල ජනකායක්

ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය සඳහන් කරයි.

පසලොස්වක පෝය හෙටට(13) යෙදී තිබීමෙන් මෙසේ වන්දනාකරුවන් රැසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

වන්දනාකරුවන් පැමිණෙන වාහන ගාල් කිරීමට පහසුකම් සලසා ඇති බවත්, වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් නල්ලතන්නියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකර මහතා සඳහන් කරයි.

මේ අතර මත්පැන් පානය කර සහ මත්ද්‍ර‍ව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ සැලැස්මක් දියත් කර ඇති බවත් වාර්තා වේ.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර ඇති බවත්, එසේ දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා සහ නල්ලතන්නියේ සිට ආපසු හැටන් දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමට හැටන් ලංගම ඩිපෝව මඟින් සෑම දුම්රිය වාරයකදීම ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බවද හැටන් දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 

What's your reaction?

Related Posts

1 of 637

Leave A Reply

Your email address will not be published. Required fields are marked *