ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹීම හෙට (25) දිනය වන විට අඩු පීඩන පද්ධතියක් බවට වර්ධනය වීමට ඉඩ ඇත. එම නිසා, දිවයින පුරා පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කළ හැක. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැක. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවීමට ඉඩ ඇති අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.






















