ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි හමුවෙයි

මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Asim Munir අතර පසුගියදා (අප්‍රේල් 29) දින සාකච්ඡාවක් පවත්වනු ලැබිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වරයා සමඟින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ද එක් වූහ.

තවද, ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථානයේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය Ahad Khan Cheema මැතිතුමා සමඟ ද කෙටි සාකච්ඡාවක්  පැවැත්වීය.

අසල්වැසි රටවල් සමඟ පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම මෙම සාකච්ඡාවන්හිදී අවධාරණය කළ අතර කලාපීය සාමය, ආරක්‍ෂාව සහ වෙළඳ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එහි කැපවීම තහවුරු කිරීම සඳහා වන දායකත්වය ද යලිත් තහවුරු කරන ලදි.

දෙරට අතර පවතින සුහදත්වයේ සනිටුහන් කරමින් මෙම සාකච්ඡාව අවසානයේදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 733

Leave A Reply

Your email address will not be published. Required fields are marked *