ශ්‍රී ලංකාවේ කතානාද සිනමාවට වසර 78 යි

ජාතික චිත්‍රපටි සංස්ථාවට වසර 53 යි

ඊට සමගාමීව සංවචර උත්සවයක් සැමරීම ජාතික චිත්‍රපට සංස්ථාවේදී ඊයේ (21.01.2025) දිනයේදී සිදුවුණා

මෙම අවස්ථාව සඳහා ප්‍රවීණ නළු නිළියන් ගායක ගායිකාවන් චිත්‍රපටි නිර්මාණ ශිල්පීන් චිත්‍රපටි කතුවරයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා

ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණියේ සංස්කෘතිකා කටයුතු අමාත්‍ය හිමිදුම සුනිල් සෙනවී මැතිතුමායි

අනතුරුව චිත්‍රපටිසංස්ථාව ඉදිකිරීමට කටයුතු කර සිරිමාව බණ්ඩාරනායක මැතිනියට පුෂ්ප උපහාර දැක්වීමද මෙහිදී සිදුවුණා

👀සුදත් මහාදිවුල්වැව
සභාපති

👉එතකොට ඒ පෝලිම ගැන මම ඉතාම විධිමත්ව පැය 5ක හයක විතර මෙහි චිත්‍රපටි සංස්ථාවත් එක්ක කතා කරද්දී චිත්‍රපටි සංස්ථාවට එන්න කලින් මේ ගැටලුව පිළිබඳව මමම දැකපු දේත් ගැටලුව මෙහාට ආවට පස්සේ ගැටලුව ගැන දැනගත්ත දේත් සම්පූර්ණ වෙනස්.

👉මේක ගැන එක එක්කෙනා එළියේ කතන්දර කියනවා ශාලා අසාධාරණකම උනා පෝළිම පෝලිමක් කියලා එකක් තිබුණා කියලා ඇත්තටම ගත්තොත් පෝලිමක් කියලා එකක් නෑ. පෝලිමේ හැදිලා තියෙන්නේ පිළිවෙලකට චිත්‍රපටි හදපු නියාමන වැඩපිළිවෙළක් තිබිලා නෑ. සමහර චිත්‍රපටි හදලා තියෙන චිත්‍රපටි හැදීම අරමුණු කරගෙන නෙමෙයි.

👉ඉතින් ආණ්ඩුවේ තැනක් නේ. ඒ පෝලිම දික් වෙලා තියෙනවා. එතකොට මේ අර්බුදය හැඩය ගැන මට අදහසක් තියෙනවා. උත්තරේ අපි හොයමින් ඉන්නවා.

👉ලක්ශ 50ක් වත් තියෙන්න ඕන… චිත්‍රපටයක් කරන්න.

👉මේක තව දුරටත් 2026 අරන් යන්නේ නැතුව උත්තරයක් හොයන්න ඕන.

රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සෙනේෂ් බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වූවා

අමාත්‍යවරයාද පැමිණ සිටි පිරිස අමතා අදහස් පල කරා

What's your reaction?

Related Posts

1 of 536

Leave A Reply

Your email address will not be published. Required fields are marked *