ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් පමණ හඳුනාගන්නා බවත්, එම සංඛ්‍යාව වාර්ෂිකව 35,000කට ආසන්න බවත් හෙළි වී තිබේ.සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතාට අනුව, මෙරටින් බහුලවම වාර්තා වන පිළිකා වර්ගය වන්නේ මුඛ පිළිකා ය.පිළිකා ප්‍රතිකාර මඟින් සෞඛ්‍ය අංශයට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය. මුළු ඖෂධ වියදමෙන් සියයට 30ක් පමණ පිළිකා ඖෂධ සඳහා වෙන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “පිළිකා ඖෂධ ප්‍රමාණයෙන් සාපේක්ෂව අඩු වුවත්, ඒවායේ පිරිවැය ඉතා ඉහළයි” යනුවෙනි.ආචාර්ය ජයතිස්ස මහතා, ශ්‍රී ලාංකිකයන් අතර වයස අවුරුදු 30ත් 70ත් අතර මරණවලට ප්‍රධාන වශයෙන් හේතු වන බෝ නොවන රෝග (NCDs) මගින් එල්ල වන පුළුල් තර්ජනය පිළිබඳවද අවධානය යොමු කළේය.ඒ අනුව, පිළිකා සහ අනෙකුත් බෝ නොවන රෝග ඉහළ යාමේ තත්ත්වය පාලනය කිරීම සඳහා වැළැක්වීම, කල් ඇතිව හඳුනා ගැනීම සහ ජීවන රටාවේ වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.