ආසියානු ඵලදායිතා සංවිධානය (APO) විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ඵලදායිතා ප්‍රධාන සැලැස්ම (Productivity Master Plan for Sri Lanka) මෑතකදී (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත පිළිගන්වන ලදී. මෙම සැලැස්ම පිළිගැන්වීම, ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනය (Korean Development Institute) එක්ව කොළඹදී පැවැත්වූ ඵලදායිතා ප්‍රධාන සැලැස්ම එළිදැක්වීමේ සහ ප්‍රතීතන සහතිකපත් (Accreditation Certificate) ප්‍රදානය කිරීමේ උත්සවයට සමගාමීව සිදු විය. මෙම ඵලදායිතා ප්‍රධාන සැලැස්මේ නිර්දේශ සැලසුම් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ ඇඟලුම් කර්මාන්තය වැනි ප්‍රධාන කර්මාන්තවල ජාතික ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක අභියෝගවලට පිළියම් යෙදීමටය. එමෙන්ම, මෙම මූලික කර්මාන්ත හතරේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට අමතරව කෙටි හා මධ්‍යකාලීන වශයෙන් පෝෂණය කළ හැකි නව කර්මාන්ත සංවර්ධනයට සහාය වන ප්‍රතිපත්ති යෝජනා ද මෙහි අන්තර්ගත වේ. සාකච්ඡාවේදී, අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය ආසියානු ඵලදායිතා සංවිධානයේ අඛණ්ඩ සහයෝගය අගය කළ අතර, දේශීය වෙළඳපල ශක්තිමත් කිරීමේ සහ ගෝලීය වටිනාකම් දාමයන් (global value chains) සඳහා උපායමාර්ගික ප්‍රවේශ ස්ථාන (strategic entry points) හඳුනා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ අනන්‍ය වටිනාකම් යෝජනාව (unique value proposition) ජාත්‍යන්තරව නිර්වචනය කිරීමේ වැදගත්කමද ඇය අවධාරණය කළාය. නියෝජිතයින්ගේ අනාගතය කේන්ද්‍ර කරගත් යෝජනාවලට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන න්‍යායපත්‍රය ඉදිරියට ගෙන යාමේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) නැගී එන සහ උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් අංශයක් ලෙස ප්‍රමුඛතාවය දීමේ වැදගත්කම අවධාරණය කළාය.























