​ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණයේ නව පරිච්ඡේදයක්: මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දැමෙයි

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) 2025 දෙසැම්බර් මාසයේ සිට සිය මෙහෙයුම් කටයුතු පූර්ණ වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව, මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව (PDD) විසින් ඉටු කරන ලද සියලුම රාජ්‍ය ණය කළමනාකරණ වගකීම් මේ වන විට එම නව කාර්යාලය වෙත පවරා දී තිබේ. ආයතනික වගවීම ශක්තිමත් කිරීම සහ ණය කළමනාකරණ රාමුවේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණයි.​මෙම ක්‍රියාවලියේ මීළඟ පියවර ලෙස, 2026 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. එසේ වුවද, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධානවලට අනුව, රජයේ සුරැකුම්පත් සඳහා වන ලේඛන රහිත සුරැකුම්පත් පියවීම් පද්ධතිය (SSSS) සහ මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) පවත්වාගෙන යාමේ වගකීම මහ බැංකුව සතුව පවතී. ඒ අනුව, මීට පෙර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව යටතේ තිබූ ‘ලංකාසිකියුර්’ (LankaSecure) අංශය, මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව (PSD) යටතට පත් කෙරෙන අතර, එහි අධ්‍යක්ෂවරයා රජයේ සුරැකුම්පත් රෙජිස්ට්‍රාර්වරයා ලෙස කටයුතු කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 921

Leave A Reply

Your email address will not be published. Required fields are marked *