ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා ඉන්දීය ණය පහසුකම්

ඉන්දියානු මහ බැංකුව (Reserve Bank of India – RBI) විසින් විදේශ විනිමය කළමනාකරණ (ණයට ගැනීම සහ ණය දීම) රෙගුලාසි, 2018 සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සංශෝධනය මගින් ඉන්දියානු බැංකු සඳහා ඉන්දියානු රුපියල්වලින් ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල පදිංචි බැංකුවකට හෝ පුද්ගලයෙකුට ණය දීමට අවසර ලබාදී තිබෙනවා.​මෙම නව සංශෝධනයෙන් පසුව, ඉන්දියානු බැංකු (හා ඔවුන්ගේ විදේශීය ශාඛා) වලට දැන් භූතානයේ, නේපාලයේ හෝ ශ්‍රී ලංකාවේ පදිංචි බැංකුවකට හෝ පුද්ගලයෙකුට ඉන්දියානු රුපියල්වලින් ණය ලබාදිය හැකියි.​කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත්තේ, “මෙම නව සංවර්ධනය මගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා ණය පහසුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇත. මෙවැනි ණය ඉන්දියානු රුපියල්වලින් නිකුත් කිරීමට ඇති විධිවිධාන විශේෂයෙන්ම ශ්‍රී ලංකා ව්‍යාපාරවලට විශාල ප්‍රතිලාභ ගෙන දෙනු ඇත. එමගින් විදේශ විනිමය අවදානම අඩු කිරීමට සහ දෙරට අතර දේශසීමා වෙළෙඳාම සහ මූල්‍ය සම්බන්ධතා ශක්තිමත් කිරීමට හැකිවනු ඇත.” යනුවෙනි.

What's your reaction?

Related Posts

1 of 789

Leave A Reply

Your email address will not be published. Required fields are marked *