ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ජපානයේ අඛණ්ඩ සහය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය Akiko Ikuina මහත්මිය අතර හමුවක් පෙබ. 04 දිනඅරලියගහ මන්දිරයේදී සිදු විය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට මෙහිදී අවධානය යොමු කෙරිණ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් සහ ගෝලීය සහ කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීමේ ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසාදය මෙහිදී පළ කළාය. විශේෂයෙන්ම අධ්‍යාපනය, ආර්ථික වර්ධනය සහ පාරිසරික තිරසාරභාවය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට සහය වීමට ජපානයේ සුදානම් බව උප අමාත්‍යවරිය අවධාරණය කළාය.

අධ්‍යාපනයේ වැදගත්කම හා පාසල් මට්ටමින් වෘත්තීය පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී ප්‍රධාන අවධානයක් යොමු වූ අතර Clean Sri Lanka වැඩසටහන ද සාකච්ඡාවේ කේන්ද්‍රීය කරුණක් විය.

විනිවිදභාවයෙන් යුත් පාලනය, වගවීම සහ පාරිසරික තිරසාරභාවය සහතික කිරීම සඳහා මහජන සහයෝගය ලබාගැනීමේ වැදගත්කම අගමැතිවරිය මෙහිදී අවධාරණය කළාය.

ජපාන තානාපති අකියෝ ඉසොමාටා ප්‍රධාන ජපන් රජයේ නියෝජිතයින්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු මෙරට නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

2025.02.05

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *