ශ්‍රී ලංකාව කලාපීය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් වැඩපිළිවෙළක්

දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් විධිමත් හා ඉහළ මට්ටමක පවත්වා ගැනීම හරහා ශ්‍රී ලංකාව කලාපීය සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. ඊයේ (10) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අප රට සතු වෛද්‍ය නිපුණතාවය සහ සේවා ගුණාත්මකභාවය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැකි බවයි.​මෙරට සමස්ත සෞඛ්‍ය පද්ධතියේ කොඳු නාරටිය වන්නේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මහජන සෞඛ්‍ය සේවාව බව මෙහිදී පැහැදිලි කෙරිණි. සෑම පුරවැසියෙකුටම එක හා සමානව සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට ඇති අයිතිය සහ ප්‍රවේශය තහවුරු කිරීම ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාවේ සුවිශේෂී ශක්තියක් බවත්, එය තවදුරටත් ආරක්ෂා කරගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.​නූතන ලෝකයේ මතු වන නව සෞඛ්‍ය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වත්මන් රජය මෙන්ම ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය විය. සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව අඛණ්ඩව ඉහළ නැංවීම සහ පද්ධතිය ශක්තිමත් කිරීම කාලීන වගකීමක් ලෙස සලකා කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,090

Leave A Reply

Your email address will not be published. Required fields are marked *