‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල’ සඳහා මේ වන විට රුපියල් මිලියන 697කට වැඩි පරිත්‍යාග ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා පැවසුවේ, මෙයින් රුපියල් මිලියන 635ක් ලංකා බැංකු ගිණුම හරහා ද, රුපියල් මිලියන 61කට වැඩි මුදලක් මහ බැංකු ගිණුම් හරහා ද ලැබී ඇති බවයි. මෙම මුදල් ප්‍රමාණය රටවල් 33කට වැඩි ප්‍රමාණයකින් පරිත්‍යාගශීලීන් 30,470ක් විසින් කරන ලද විවිධ තැන්පතු සහ දායකත්වයන්ගෙන් ලැබී ඇති බව ද සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


























