‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමේ’ අරමුදලට රු. මිලියන 1,893 ක්

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු රට යළි ගොඩනැඟීම සඳහා දියත් කළ ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමේ’ වැඩසටහන වෙනුවෙන් දේශීය දායකයින්, විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විවිධ සංවිධානවලින් රුපියල් මිලියන 1,893 ක මූල්‍ය ආධාරයක් ලැබී ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ දේපළ හිමියන් සඳහා වන්දි ලබා දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම පිණිස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම රක්ෂණ සමාගම් ප්‍රධානීන් සහභාගී වූ රැස්වීමක් මෑතකදී කැඳවූ බවයි. ආචාර්ය සූරියප්පෙරුම මහතාට අනුව, සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපළ සහ ජීවිත හානි වෙනුවෙන් කඩිනම් වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සියලුම රක්ෂණ සමාගම් විසින් මේ වන විටත් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන යටතේ සුළු දේපළ හානි සඳහා වන්දි ගෙවීම් දැනටමත් ආරම්භ කර තිබේ. රක්ෂණ සමාගම් නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළේ, අවශ්‍ය තොරතුරු රැස්කර සත්‍යාපනය කිරීමෙන් පසු පුළුල් දේපළ හානි සඳහා වන්දි ගෙවීම් සිදු කරන බවයි. හැකි සෑම අවස්ථාවකදීම එම ගෙවීම්වලින් කොටසක් වහාම මුදා හරින බව ද ඔවුහු සඳහන් කළහ.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *