ශ්‍රී ලංකාව වටා අඩු පීඩන කලාපයක්: දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං!

දිවයිනට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය. අනුරාධපුරය, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මීට අමතරව, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.​මුහුදු ප්‍රදේශ පිළිබඳව සැළකීමේදී, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 දක්වා වේ. එහෙත් බේරුවල සිට කොළඹ සහ පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැක. එමෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *