ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර වෙළඳ සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව සාකච්ඡා කෙරේ!

එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ (SCA) සහකාර ලේකම් පෝල් කපූර් (Paul Kapur) මහතා, එක්සත් ජනපදය සඳහා වන ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සමඟ හමුවක් පවත්වා තිබේ. මෙම හමුව පිළිබඳව අදහස් දක්වමින් පෝල් කපූර් මහතා පැවසුවේ, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර වෙළඳාම සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අවධානය යොමු වූ බවයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ‘X’ (ට්විටර්) හි පළ කළ පණිවිඩයකින් මෙසේ සඳහන් කර තිබුණි: “එක්සත් ජනපදය සඳහා වන ශ්‍රී ලංකා තානාපති සමරසිංහ මහතා @StateDept වෙත පැමිණීම ගැන ස්තූතියි. අපේ රටවල් දෙකේම සහ විශාල ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය හා සමෘද්ධිය ඉදිරියට ගෙන යාම සඳහා වෙළඳාම සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ගැන අපි සාකච්ඡා කළෙමු.” – SPK

What's your reaction?

Related Posts

1 of 839

Leave A Reply

Your email address will not be published. Required fields are marked *