ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය උදෙසා ක්‍රියාත්මක වන සිව් අවුරුදු විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන 5 වන සහ 6 වන සමාලෝචන සාර්ථකව අවසන් කරමින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පියවර ගෙන තිබේ. 2023 මාර්තු මාසයේදී අනුමත වූ ඇමරිකානු ඩොලර් බිලියන 3 ක මුළු මූල්‍ය සහාය යටතේ ඉදිරියට යන මෙම ක්‍රියාවලියේ මීළඟ අදියර ලෙස, IMF විධායක මණ්ඩල අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක (SDR මිලියන 508) පමණ මුදලක් නිදහස් කිරීමට නියමිතය. මෙම වාරිකයත් සමඟ මෙතෙක් ශ්‍රී ලංකාවට හිමිව ඇති මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 2.4 ක් දක්වා ඉහළ යනු ඇත.රටේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ ධනාත්මක සලකුණු මතු කරමින්, 2025 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5% ක ප්රශස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව මෙම සමාලෝචනයේදී අනාවරණය විය. විශේෂයෙන්ම 2026 මාර්තු මාසය අවසන් වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ක සීමාවට පැමිණීම කැපී පෙනෙන ජයග්‍රහණයකි. 2025 වසරේ මූල්‍ය ක්‍රියාකාරීත්වය ශක්තිමත් වීමත් සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් තහවුරු වී තිබේ.මෙම තීරණාත්මක එකඟතාව සඳහා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් IMF නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වනු ලැබූහ. ඒ සඳහා මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නිශාන්ත ජයවීර යන අමාත්‍යවරුන් මෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු ආර්ථික උපදේශක මණ්ඩලය ද එක්ව සිටියහ. දේශීය ආර්ථිකය යහපත් මාවතකට අවතීර්ණ කිරීමේ අරමුණින් සිදු කෙරුණු මෙම සාකච්ඡා මාලාව ශ්‍රී ලංකාවේ ඉදිරි මූල්‍ය ගමනට සුවිශේෂී පිටිවහලක් වනු ඇත.






















