තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකදී දගපන්දු යවන්නන් විසින් වැඩිම කඩුලු දවාගැනීමේ වාර්තාව බිඳහෙළිමට පාකිස්ථාන සහ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයින් සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති දෙවන සහ අවසන් තරගයේදීයි. එහිදී දගපන්දු යවන්නන් විසින් දවාගෙන ඇති සමස්ථ කඩුලු සංඛ්‍යාව 68ක්.
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයාම් ක්‍රීඩකයන් විසින් පිහිටුවා තිබූ කඩුලු 67ක වාර්තාවයි.
පාකිස්ථානය සමඟ මුල්ටාන්හිදී පැවැති මෙම තරගය ලකුණු 120කින් ජයගැනීමට කොදෙව් ක්‍රීඩකයින් සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 163ක් රැස්කරගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම ලබගත්තේ ලකුණු 154ක් පමණයි.
පාකිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 09ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 244ක් රැස්කරගත්තා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 120ක් පමණයි.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග එකට එකක් ලෙස ජයපැරදුමකින් තොරව අවසන් වුණා.