සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැදෑරුම් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිව්වන තීරණාත්මක තරගය අද (28) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ තිරුවනාන්තපුරම් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00 ට ආරම්භ වන මෙම තරගයේදී ජයග්‍රාහී මාවතට පිවිසෙමින් සිය ගෞරවය රැකගැනීමේ අභියෝගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ පවතී.දෙරට අතර දැනට නිමාවී ඇති පළමු තරග තුනම පිට පිට ජයගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව, තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස දැනටමත් විස්සයි20 තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්ව ඇත. අද තරගය ශ්‍රී ලංකා පිලට සිය දක්ෂතා යළි විදහා පෑමට ලැබෙන වැදගත් අවස්ථාවකි.


























